දැක්ම

පවතින ආර්ථික ක්‍රමය තුල සමුපකාර ව්‍යාපාරයේ කාර්යභාරය සාමාජිකත්වය ඇතුළු සමස්ථ ප්‍රජාවගේ සංවර්ධනය කරා මෙහෙයවන ප්‍රදේශයේ හොඳම සමාජ හා ආර්ථික ඒකකය බවට පත් වීම.

මෙහෙවර

"සමුපකාර ප්‍රතිපත්ති වලට අනුකූලව සාමාජිකයන්ගේ ආර්ථික, සාමාජික හා සංස්කෘතික අවශ්‍යතාවයන් ඉටුකරලීම සහ සාමාජිකයා තුල අන්‍යොන්‍යාධාරය, ආත්මාධාරය හා සකසුරුවම පිලිබඳ හැගීම් හා ව්‍යවහාරය දියුණු කිරීම සඳහා ව්‍යාපාරයේ ශක්තීන් නවීන තාක්ෂණය උපයෝගී කර උපරිම කාර්යක්‍ෂමතාවයෙන් යුතුව භාවිතා කිරීම තුලින් සංවර්ධනය අරමුණු කරගත් මාවතකට මානව සම්පත හසුරුවමින් ව්‍යාපාරික මූල්‍ය අවශ්‍යතාවයන්ට ගැළපෙන නව විසඳුම් මාර්ග ඔස්සේ ඇප කැප වී වැඩ කිරීම තුලින් සාමාජිකයන්ට ප්‍රතිලාභ අත්කර දීම අපගේ මෙහෙවරයි."

හැඳින්වීම

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 366.47 වන හිරියාල මැතිවරණ බල ප්‍රදේශය ඉබ්බාගමුව හා ගනේවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකින් සමන්විත වේ. ඒ අනුව ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 207.55 වන අතර ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 158.92 කි. මේ අනුව හිරියාල මැතිවරණ කොට්ඨාසය විවිධ භූවිෂතා ලක්ෂණ පෙන්නුම් කෙරෙන ඉතා සරුසාර ප්‍රදේශයකි.

මෙවන් සරුසාර භූමි ප්‍රදේශයක් තුල ජීවත් වන 46000 ක් පමණ වන සාමාජික සංඛ්‍යාවකගේ ඉතාමත් ගෞරවයට හා ජනාදරයට පත් විශිෂ්ඨ ව්‍යාපාරික ස්ථානයක් ලෙස සී/ස හිරියාල විවිධ සේවා සමූපකාර සමිතිය හඳුන්වා දිය හැකිය. ඉබ්බාගමුව හා ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ජීවත් වන මුලු ජනගහනය 200000 ක් පමණ වන අතර එම ජනගහනයට සාපේක්ෂව පවුල් 41987 ක් පමණ අප බල ප්‍රදේශයේ ජීවත් වේ. මෙම මුලු ජනගහනයෙන් හිරියාල බල ප්‍රදේශයේ එක් පවුලකින් එක් සාමාජිකයෙකු හෝ අප සමිතියේ සාමාජිකත්වය ලබා සිටී.

සාමාජික ජන්දයෙන් තෝරා පත්කර ගන්නා ලද ගරු අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හා මහත් වූ කැපවීමකින් ද , වගකීමකින්ද යුක්තව පාලන කටයුතු වල යෙදී සිටී.

තොග ගබඩා 01 ක්, මිණි කෝප් සිටි 34 ක් , කෝප් සිටි 02ක් , මෙගා කෝප් සිටි 01 ක්, යුනිලිවර් භාණ්ඩ බෙදා හැරීමේ අංශයකින් හා ඉන්ධන පිරවුම් හලකින් පාරිභෝගික අංශය සමන්විත වේ. නියෝජිත තැපැල් කාර්යාලයක් හා මුද්‍රණාලයක්, රක්ෂණ නියෝජිත අංශයකින් හා මල් ශාලාවකින්, ඇස්ට්‍රා, නේචර් සීක්‍රට් සහ මැලිබන් නියෝජිත අංශවලින් ව්‍යාපෘති අංශය සමන්විතය.

ලොරි රථ 03ක් , ද්විත්ව කාර්ය රථ 02 ක් , අවමංගල්‍ය රථ 02 ක් හා විශේෂිත අවමංගල්‍ය කාර් රථ 01 ක්, නවීන KDH වෑන් රථයක්, HILUX කැබ් රථයක් හා ට්‍රැක්ටර් රථයක් ප්‍රවාහන අංශය සතුය. තවද ඉන්ධන බෙදා හැරීම සඳහා බවුසර් 01 ක් සමිතිය සතුව තිබීම ද විශේෂයකි.

සාමාජික හා සාමාජික නොවන ජනතාවගේ මූල්‍ය අවශ්‍යතාවයන් පිළිබඳ විශ්වාසයක් දිනා ඇති සමූපකාර ග්‍රාමීය බැංකුව ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා ඉටු කර දීමට උපරිම වශයෙන් කටයුතු කරයි. තවද මේ සඳහා බල ප්‍රදේශය ආවරණය වන පරිදි බැංකු ශාඛා 29 ක් පවත්වා ගෙන යනු ලබයි. අප සමිතිය මඟින් සාමාජික සාමාජිකාවන්ගේ ණය අවශ්‍යතාවයන් ඉටු කර දීම සඳහා පහසුකම් සලසා ඇත. කාර්මික, කෘෂිකාර්මික, නිවාස, වෙළඳ සහ ක්ෂණික ණය වශයෙන් ක්‍රම 05ක් යටතේ විවිධ ණය වර්ග හඳන්වා දී ඇත.

සමිතිය විසින් ව්‍යාපාරික කටයුතු වල මෙන්ම ප්‍රජා සත්කාර හා සමාජමය කටයුතු වල ද යෙදේ. මීට අමතරව 5 වසර ශිෂ්‍යත්වය සමත්වන දරුවන් සඳහා උසස් අධ්‍යාපනය දක්වා ශිෂ්‍යත්ව පිරිනැමීම, කාන්තාවන් ආර්ථිකයේ සක්‍රීය කොටස් කරුවන් කිරීම සඳහා විශේෂිත ස්වයං රැකියා පුහුණු ලබා දීම හා සහන පොළී ණය ප්‍රධානය ආදී විශේෂිත ප්‍රජා සත්කාර සමඟින් සී/ස හිරියාල විවිධ සේවා සමූපකාර සමිතිය බල ප්‍රදේශයේ කීර්ති නාමයක් දිනා අනෙක් ආයතන වලට වඩා ඉදිරියෙන් සිටී. මේ හේතුවෙන් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන තිරසර අභිමන් කාර්ය සාධන සම්මාන උළෙලේ දී ත්‍රිත්ව රන් තරු සම්මානයට පාත්‍ර වීමට සී/ස හිරියාල විවිධ සේවා සමූපකාර සමිතියට හැකියාව ලැබුණු අතර එම වසරේම මිනිස් බල හා රැකි රක්ෂා අමාත්‍යංශය මඟින් රාජ්‍ය හා පෞද්ගලික අංශය ඇගයීමට ලක් කරමින් ව්‍යාපාරයේ විශිෂ්ඨ කළමනාකරණය තුළින් සමාජයේ රැකියා වියුක්තිය අඩු කිරීමට හා එම මානව සම්පත සංවර්ධනය කිරීමට ආයතනය දක්වා ඇති දායකත්වය ඇගයීමට ලක් කරමින් ලක් රැකියා හරසර 2018 සම්මානයෙන් පිදුම් ලැබීමට ද සී/ස හිරියාල විවිධ සේවා සමූපකාර සමිතියට භාග්‍ය උදා වී ඇත.

එම්.ආර්.වසන්ත කුමාර ගුණසේකර මයා

සමුපකාර සංවර්ධන කොමසාරිස්/රෙජිස්ට්‍රාර්

B. M. A. මොහාන් ද සිල්වා මයා

සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස් (කුරුණෑගල)

ගරු අධ්‍යක්ෂ මණ්ඩලය
(2022/2025

ගරු සභාපති

බී.එම්. අනුර බණ්ඩාර බන්නක මහතා

ගරු උප සභාපති

ඩී.එම්.එන්. කරුණාරත්න මහතා

ගරු අධ්‍යක්ෂ

එස්. ආර්. රාජකරුණා මහතා

ගරු අධ්‍යක්ෂ

ආර්.එම්.පී. කුමාර රත්නායක මහතා

ගරු අධ්‍යක්ෂ

ඩී. ටී. එම්. සුමිත් සමන්ත මහතා

ගරු අධ්‍යක්ෂ

ඩී. එම්. කසුන් බණ්ඩාර මහතා

විධායක නිලධාරී මණ්ඩලය (2025)

සාමාන්‍යාධිකාරි

එච්. වීරසූරිය දයානන්ද මයා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බැංකු)

එච්.එම්.ජේ. සුමිත් බණ්ඩාර මයා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ආයතන සංවර්ධන)

බී.එම්. තිලකරත්න බණ්ඩා මයා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය)

ඊ. එම්. ඒ. ඩී. සේනාරත්න මයා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යාපාර සංවර්ධන)

ඩී. එම්. චන්දන ජයවික්‍රම බන්ඩාර මයා

ප්‍රධාන අභ්‍යන්තර විගණක

ආර්. ඒ. එම්. ජී. එම්. රාජකරුණා මිය

ලේකම්

ආර්.ඒ.සී. නිල්මිණි රණවීර මිය

මානව සම්පත් සංවර්ධන කළමනාකාර (පිරිස්)

එම්. එම්. සී. පී. මාරසිංහ මයා

මානව සම්පත් සංවර්ධන කළමනාකරු (සාමාජික ප්‍රජා / පුහුණු)

එස්.ඒ. චාමිකා නිෂාදි කුලතුංග මිය

කළමනාකරු (අලෙවි සංවර්ධන)

ඒ. ප්‍රියන්ත බණ්ඩාර ගුණතිලක මයා

බැංකු සේවා කළමනාකරු

එල්. එච්. එම්. එම්. වසන්ත බණ්ඩාර මයා

ප්‍රධාන කළමනාකාර සහකාර

යූ.කේ.එන්. ගුණතිලක මයා

කළමනාකාර (තොරතුරු තාක්ෂණ)

ජී.ආර්. ප්‍රියංක උත්පල මයා

ප්‍රවාහන නිලධාරී

ඩී.එම්.එස්.කේ. දහනක මයා

ගරු අධ්‍යක්ෂ මණ්ඩලය
(2020/2022) 🔽

විධායක නිලධාරී මණ්ඩලය (2020-2022) 🔽

ගමින් ගමට සමුපකාරය ගෙන යාමේ වැඩසටහන 2021

Website Design + Developed by Software Systems International (Pvt) Ltd